ලක් භූමි | Lak Bhumi by Vihanga Nilakshana & Pasindu Nilakshana

අවසන් හුස්මේ දුක නොදැනී ඒ
හංගාලූ ඒ කඳුලු මගේ දෑසේ
කවදා හෝ මගේ නාමේ ගුවනේ
ඒ රැව් දි දී සිංහ තේජසිනේ

ලක් භූමි මගේ මා පුතුන් නුඹේ
ණය නෑ ඔබ හට අවසන් මොහොතේ
මේ ජීවිතයේ දුටු හීනය මා දිනුවා යන්නම්
සරදේ සැරදේ

ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා – උන් රකීවී
පණ මෙන්

පින් බිමකී දෙවියන් වඩිනා
වින කරනා නරුමයන් පලවා
රැකේවා – මගෙ මව්නී බෝ කල්

රුධිරේද වැටී
දිරනා මෙකයේ
සාරය ලැබ තව සරු මේ පොළොවේ
භව භෝග වැවී
සරු වේවි කියා
පතනා මෙලෙසේ මා මුතු ඇටයේ

මා පතනා වූ අවසන් පැතුමේ
නෑ මාගෙ කියා තව දේ මෙළොවේ
අවසන් හුස්මත්
ඔබ වෙනුවෙන් ආදරයෙන්
පුදදී යන්නෙමි වන්දේ

ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා – උන් රකීවී
පණ මෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *