පළමු හාදුව | 1st Kiss by Dilki Uresha ft. Kaizer Kaiz [2022]

Sinhala song lyrics with music notes illustration

ළමැද පුරා සුවඳ සොයා ගිලන් වූ හිතක්
සසර පුරා ඔබව පතා පාරම්තා පිරෑ තරම්
නොකියා කියූ රහසක් හිතේ
අවතැන් උනු හීන කල්පයක්
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්

අපෙ පළවෙනි හාදුව
හාදුවකට වඩා කෘත්‍රිම ස්වසනයක්
මකා ගන්න හිතන් මගේ පාළුව
උඹේ මැරුණු හිතට දුන්නේ ප්‍රාණයක්

පන්සලක් වගේ හිත දන්සලක් කරන් උඹ වටේම බඩගිනි නිවනවද
උඹේ ආලෙට හාමතේ මැරෙන්න ගියොතින් මටත් කටක් උඹ කවනවද

උඹ ගන්නේ මම දුන්න හුස්ම
මුල අමතක උනොත් වැටෙයි ගහක් උනත් රූස්ස
වටේ නැතිවට නෙවෙයි ඉඹ්න්න පුෂ්ප
උඹේ සීතට හදට දුන්නේ මං උෂ්ණ

මං දුන්නු මලක් ගානේ උඹ ගලක් ගහපන්
ඇවිත් පුළුවන්නම් උඹේ රූපේ හිතෙන් මකපන්
උඹේ වැරදි මගේ පිටට අත ඇරපන්
ලෝකේ ඉදිරියේ බොරුවටත් අඬපන්

ලෝකෙට මමයි වැරදි කාර
ලියා ගනින් ඕන නම් මං හදපු පාර
හැබැයි කැන්දන් එද්දි ඊළඟ මොඩයාව
උඹ පිච්චේවි උණුවෙලා කරුමේ තාර

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply