ගෝනිබිල්ලා | Gonibilla by Keefa X Chubby ft. Dope Skain [2022]

Sinhala song lyrics with music notes illustration

කටින් දෙයි පන යාලුකම්පුරාම කඩතොලු
මං හොඳයි හැබැයි නොඳන්නවා නෙවෙයි කන්ඩත් ඔලු
කෑ ගැහුවත් පොඩ්ඩන්ට නම් ගහන්න මං ගන්නෑ පොලු
එන්නේ දාං සද්දේ කීෆා සෙල්ලම කරවන් ගොලු

වදන් සික් කොල්ලන්ට මං ගෝනිබිල්ලා
පාරක් ගාලා බෝඩර් වල චන්ඩි අඬයි දෝනි ඉල්ලා
සැපනම් යාලු පාට පාටින් ගිල්ලා
ඒක නිසා ඔය පාරවල් මට නොදා ඉඳිල්ලා

හිනා වෙලා හෙමින් තිබ්බට දෙපැත්ත ගිනි අමතකද තමන් ඉන්නවා කියා මැද්දේ
මං නෙවෙයි උඹයි ගොනා ලනු පොට මගෙ අතෙ ඒකයි බං කරත්තෙට තියලා ඔයා ඇද්දේ

දැන් ඉතින් ඇදපං ඩෝ පුල්ලි ගොනා
බොලා උගස් තිබ්බ ගේම මගේ ලඟ සින්න උනා
කැසිල්ලට බැසිල්ලට චන්දේ දීලා ගිනි අව්වේ හෙන වෙලා අම්බානක පෝලිම් වල ඉන්න උනා

බොරු පාරවල් එපා ඩෝ ඉතින් අපිත් කලේ රංග කලා
සල්ලි විසිකරලා මනුස්සකම හම්බකලා
පැට්ටෙක් ඉවරයි දෙවනි කූරත් පත්තු කලා
කොල්ලො කුරුට්ටො ලපටි පැටව් අල්ලලා ගෙට කලා

බොලා තෙප්පිලි පැටලුනා කොක්කට බිලි
අතක් තිබ්බොත් බලන් ඉන්නෑ පාරට පාර කෙලින්න
කරලක් දෙකක් කෙලලා කඩන් ඉන්නෙ බෙලි
කට තිබ්බට වැඩක් නෑ දන්නැත්තන් කොල්ලා හැසිරෙන්න

රැප බිරිඳ මං හබී
කොල්ලන්ගේ කන්පාලු මකලා ගන්ඩ චබී
උඹේ සුදූ නෝනා රෑට අනුන්ගේ බබී
පිටි මුට්ටි වගේ කෙල්ලෝ කියයිලු චබී

අපිත් බෝඩර් වල ගැහුවා කරක්
කෙට්ටු ආස නැති හින්දා පොලවට වෙන්නබරක්
නැට්ටයි අං දෙකයි නොතිබ්බට සමහරු වෙන්නේ හරක්
ගැට පැහෙනකොට ඉදිච්ච ගෙඩි වෙන්නෙ නරක්

පුපුරනවා නේද ගෑස්
ප්‍රියතමයාගෙ ආසම සංගීතය ජෑස්
පලවෙනි බෝලෙන් විකට් එක දාපු වාස්
වගේ මං හෙල රැප් විභාගේ ඉහලින්ම පාස්

පොලිසියෙන් හොයයි කොල්ලන්ට දෙන්න හ‍යිකෝට්
කුඩ්ඩගෙ ඉඳන් යාලුවො වෙනකම් ටයිකෝට්
ගෝතයෝ දැම්මට ගනන් ගන්නෑ බං පයිටොක්
ලැම්බයි මායි ටින් බොඩි ඔරිජිනල්ම ෆයිපොර්ට්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply