කඳුළු උනන ඔය ඇස් දෙක
පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ
ලෝකයාට නොපෙනුනාට
මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ
ඔබට පිදූ මගේ සෙනෙහස
ඇයට පිදූ සුන්දර රැය
අද ලස්සන නෑ වැලපෙමි කඳුළු මාළිගේ
හදාගන්න හිත චුට්ටක්
සමාදෙන්න මට හෙටවත්
රිද්දනකොට ඉහිලුම් නෑ කඳුළු ඇස් දෙකේ
කඳුළු උනන ඔය ඇස් දෙක
පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ
ලෝකයාට නොපෙනුනාට
මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ
කවි කල ආදර සිත්තම්
මැකී ගියා උණු කඳුලින්
මං දන්නවා වේදනාව ඔබේ හදවතේ
ඔබ මට පිදුවේ පියුමක්
මං පිදුවේ මහ ගින්නක්
හිත ඇතුලින් මමත් හඬමි මගේ වස්තුවේ
කඳුළු උනන ඔය ඇස් දෙක
පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ
ලෝකයාට නොපෙනුනාට
මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ