කරඹ මල් තලා
යන අයුරු බල බලා
හිතවත්කම් නැති ගොම්මන් යාමෙ තනි උනා
රුදුරු තැනිතලා පසුකරන් හෙල් පවා
එක හැල්මේ යන ගමනේ
මට මාව නැතිවුණා
හංගා මයෙ ආලේ
වින්දා ඇහි දාරේ
නින්දා වැහි කෝඩේ
තනිවුනු දා…
මට නැතිවුණු ආලේ
ඉරිතැලෙනා හෘදේ
නුඹ හින්දා ප්‍රාණේ ඉකිබින්දා…
නුඹ ගිය පාරේ මල් පිපුණාද ආයේ
නෑ දන්නේ හිත රිදුනේම මාගේ
සුවඳට නුඹගේ හිත උතුරන්න පිරුණේ
සංසාරේ එක සුවඳයි දැණුනේ…
වැව ඉරිතලා ගියා
වැව් ඉවුරෙ තනී වුණා
අපි ආයේ හමුවෙන්නෑ මේ භවයේ…
හංගා මයෙ ආලේ…
written by Manuranga Wijesekara
Leave a Reply