රෝස යායේ | Rosa Yaye by Ashanya Premadasa [2023]

Sinhala song lyrics with music notes illustration

රෝස යායේ රෝස මල් කතාවේ
රෝස හීනේ කුමරි මා නේ
ඈත කන්දේ සුදු සේල මාල බැන්දේ
පේන හීනේ කුමරි මාගේ

ඔයයි මමයි ආදරෙන්ම හුරතලෙන්
කාලයක් ඉන්න ඕන
ඉතින් ඉතින් දැන් කියන්න ආදරෙන්
මා අතින් තියන්න ආලේ

රෝස යායේ…

මල් වත්තක මල්
හිතේ තියන් ඉන්නේ මං
ඔයත් එක්ක දැං
යන්න වුනොත් ඉතිං යං

පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ

රෝස යායේ…

හදින්ම පුදන්න මටත් ඕනේ ආදරේ
සැබෑව තුරුල්ව ආයේ
තදින්ම ළඟින්ම බදා
ගන්න මං අනේ
රෝස පාට හීන මාවතේ
රෝස මල් කුමාරි නේද මා හා

රෝස යායේ…

මල් වත්තක මල්
හිතේ තියන් ඉන්නේ මං
ඔයත් එක්ක දැං
යන්න වුනොත් ඉතිං යං
පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ

written by Manuranga Wijesekara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply