in Ashanya Premadasa, Manuranga Wijesekara

රෝස යායේ | Rosa Yaye by Ashanya Premadasa [2023]

රෝස යායේ රෝස මල් කතාවේ
රෝස හීනේ කුමරි මා නේ
ඈත කන්දේ සුදු සේල මාල බැන්දේ
පේන හීනේ කුමරි මාගේ

ඔයයි මමයි ආදරෙන්ම හුරතලෙන්
කාලයක් ඉන්න ඕන
ඉතින් ඉතින් දැන් කියන්න ආදරෙන්
මා අතින් තියන්න ආලේ

රෝස යායේ…

මල් වත්තක මල්
හිතේ තියන් ඉන්නේ මං
ඔයත් එක්ක දැං
යන්න වුනොත් ඉතිං යං

පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ

රෝස යායේ…

හදින්ම පුදන්න මටත් ඕනේ ආදරේ
සැබෑව තුරුල්ව ආයේ
තදින්ම ළඟින්ම බදා
ගන්න මං අනේ
රෝස පාට හීන මාවතේ
රෝස මල් කුමාරි නේද මා හා

රෝස යායේ…

මල් වත්තක මල්
හිතේ තියන් ඉන්නේ මං
ඔයත් එක්ක දැං
යන්න වුනොත් ඉතිං යං
පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ

written by Manuranga Wijesekara

banner

Leave a Reply