කට්ට කරුවල | Katta Kaluwara by Hashen Dulanjana [2025]

කට්ට කරුවල රෑක යනකොට

හොදට සප්පායම් වෙලා

පට්ට ලස්සන ළඳක් දුටුවට 

හිතුවේ නෑ මොහිනි කියා

(හිතුවේ නෑ මොහිනි කියා)

නංගි තනියම කොහේ යනවද 

ළමයෙකුත් මේ අත් දරා

අය්යෙ කොහෙවත් යන්න බෑ මට

සාරියේ පොට ගැලවිලා

(සාරියේ පොට ගැලවිලා)

ළමයා ගන්නද පොට හදන්නද

හිටං මම වලි අදිනවා

ඔන රෙද්දක් ළමයා ගන්නවා

සාරි අන්දලා නැති නිසා

(සාරි අන්දලා නැති නිසා)

පොඩි එකාගේ මූණ හරියට

මහසෝනා වගේ දුටු නිසා

ළමයා දුන්නා ඇගේ අතටම

දිව්වා ජෙට් ඇන්ජිම දමා

(දිව්වා ජෙට් ඇන්ජිම දමා)

අනේ අපොයි මට කැරකෙන ගිනි ගෙඩි

නැට්ටෙ ඉඳන් ගොම තලි තලි වැතිරෙති

දුවලා දුවලාම හති වැටිලා මම

නැවතුනේ මිනිහෙක් බදා

නැවතිලා වටපිට බැලුවෙ මම

ඉන්න තැන දන් නැති නිසා

(ඉන්න තැන දන් නැති නිසා)

මොහිනිත් අනේ එනවා පස්සෙම

රෙද්ද උස්සන් දුව දුවා

අයියෙ පොඩ්ඩක් ළමයා දෙන්නද

රෙද්ද තාමත් ගැලවිලා

(රෙද්ද තාමත් ගැලවිලා)

අනේ මොහිනි කොහෙද ගියෙ උඹ

කියලා ඇහුවා ළඟ එකා

දැනුයි අප්පටසිරි දැක්කේ මම

මිනිහා මහසෝනා කියා

(මිනිහා මහසෝනා කියා)

දිව්වා ආයම පස්ස නොබලම

මම ම මා හට බැන බැනා

බීලා යන්නේ නෑ මෙ කපෙට මම

රෑ දොළහා නම් පහුවෙලා

(රෑ දොළහා නම් පහුවෙලා)

අනේ අපොයි මට කැරකෙන ගිනි ගෙඩි

නැට්ටෙ ඉඳන් ගොම තලි තලි වැතිරෙති

written by  Hashen Dulanjana

Leave a Reply