මධු චන්ද්‍ර යාමේ | Madu Chandra Yame by Kasun Kalhara

මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උර මඬල සියපත් වතින්
නිති සරසා
පි‍්‍රයයාණ හදවත තුනු
සිරින් සදනු

දෙතොල මී විත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරියහන සුපහස තනා පුළුලූකුළේ
පතිකුලය සුමිහිර සදා රැක වසනූ

මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

Leave a Reply