මගෙ දිවි පණනල රකින්නෙ
ඔබ පමණකි ජේසුනේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…
ඔබ හැර මා අන්කවරෙකු වෙත යන්නද සමිඳේ
ඔබමයි මා නිති පිළිසරණේ
නැත කිසිදා කුරුසේ බර හැරදා පසු බැස්සේ
දිවිය ඔබේ දිරියයි නිබඳේ
මගෙ දිවි පණනල රකින්නෙ
ඔබ පමණකි ජේසුනේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…
සරා සඳේ සොමි කැළ්මන් ගලනා හෝරාවේ
පිළිසඳරේ සතුටින් නැවතී
දිවිය පුරා මට ආනන්දය වූ හැටි සිහි ගන්වා
රැඳෙමි ඔබේ නෙතුකැන් අතරේ
මගෙ දිවි පණනල රකින්නෙ
ඔබ පමණකි ජේසුනේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…