මායාවී ඔබ ගියදෝ මං මුලාවී…
අඳුරේ කඳුලින් මා සිත ගිලීලා…
වියැකී මියැදී ගිය ජීවිතෙන්…
යලි මා ජීවය ලැබූවා…
ඔබ නොදැක මොහොතක් නැති වූ කාලේ…
මගෙ හුස්ම ඔබ යැයි සිතු ඒ කාලේ…
ජීවිතයෙන් ආදරේ මොහොතේ…
මා හැරදා යාවී…
මායාවී යාවී මා හැරදා යාවී…
දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…
යාවී යාවී මා හැරදා යාවී…
ආදරේ නොහඳුනන ඔබ යාවී…
රන් මුතු මට… නෑ පට සලු මට නෑ…
මගෙ ලෝකේ ඔබ ඔබ පැතු දේවල් නෑ…
එනමුදු ආලේ හදවත උතුරා…
ගලනා තරමට පෙම් කෙරුවා මං…
ඒ බව නොදැනද මගෙ සිත තලලා පෙලලා…
දැන දැන මට මාවද නැති කෙරුවේ…
මායාවී යාවී මා හැරදා යාවී…
දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…
මායාවී යාවී මා හැරදා යාවී…
දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…
මට දුක නෑ මං තරහත් නෑ…
මගෙ ලෝකේ ඔබෙ සුවඳත් අද නෑ…
නිදහසෙ පියඹා මා දැන් යනවා…
ඔබෙ ලෝකෙන් මා යන්නම යනවා…
ආයෙත් ආවත් මගෙ සිත කොහෙදෝ සෙවුවත්…
ඒ මියදුන සිත යලි එන්නේ නෑ…
මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මා රැවටූ ඔබ හැරදා යාවී…
මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මායාවී හැරදා මා යාවී…
මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මා රැවටූ ඔබ හැරදා යාවී…
මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මායාවී හැරදා මා යාවී…
Leave a Reply