උදුම්බරා | Udumbara by Pradeep Rangana & Shanika Madumali

Sinhala song lyrics with music notes illustration

ආකාසේ වැහි අදුර මකා
දේදුනු පායාලා
දේදුන්නේ සත් පාට වගේ
ඇගේ හිත පාට වෙලා
ජීවිතේ මල් ප්‍ර්‍රාර්ථනා
මල්බර වී සැලිලා
ඇය යන ගමනට පාර කියන ඔහු
සතුටේ කිමිදීලා

උදුම්බරා
උදුම්බරා

ජීවිතයේ නොපෙනෙන කඩයිම
ජය ගන්නා අරමුණ නොබියව
පැහැ ගැන්වී ඇත ඇගේ හිත තුල
ඔහුගේ ආදර බර වදනට
පාරක් ඇත පාරක්
ඇගේ ජීවිතයට මල් වැසි වසිනා
තාමත් සමනලියක්
දගකාර යොවුන් විය
රස විදිනා
දිග දෑතක් ඇත සවිමත්
ඒ හදවතින්ම ඔහු දිගු කරනා
මහමෙර වන් ඔහු පැතුමන්
නොසැලේවී

උදුම්බරා
උදුම්බරා
උදුම්බරා
උදුම්බරා

ඇගේ සිහිනය
ජය ලබනා
දින එනතුර සිත සනසා
දරු ස්නේහය හද පුරවා
ඔහු මතකයේ
ඉකි බින්දා
ඇයගෙන් ‍රිසි සෙනෙහෙ පුදන්
ඇයගෙන් ඔහු හට පිදුනා

ඇයගේ ගමන ජයටැඹ හමුවේ
තරු ගමනෙ හා
සුකුමැලි සියුමැලි
ඇයට උරුම හෙට
නවතනු බැහැ කිසිවෙකුටත්
උදුම්බරාවන් ලොවම දිනන දින
තරු බැබලෙයි අහස පුරා

සුකුමැලි සියුමැලි
ඇයට උරුම හෙට
නවතනු බැහැ කිසිවෙකුටත්
උදුම්බරාවන් ලොවම දිනන දින
තරු බැබලෙයි අහස පුරා

ආකාසේ වැහි අදුර මකා
දේදුනු පායාලා
දේදුන්නේ සත් පාට වගේ
ඇගේ හිත පාට වෙලා
ජීවිතයේ දිගු ප්‍ර්‍රාර්ථනා
මල්බර වී සැලිලා
ඇය යන ගමනට පාර කියන ඔහු
සතුටේ කිමිදීලා

උදුම්බරා
උදුම්බරා
උදුම්බරා
උදුම්බරා

ජීවිතයේ නොපෙනෙන කඩයිම
ජය ගන්නා අරමුණ නොබියව
පැහැ ගැන්වී ඇත ඇගේ හිත තුල
ඔහුගේ ආදර බර වදනට
පාරක් ඇත පාරක්
ඇගේ ජීවිතයට මල් වැසි වසිනා
තාමත් සමනලියක්
දගකාර යොවුන් විය
රස විදිනා
දිග දෑතක් ඇත සවිමත්
ඒ හදවතින්ම ඔහු දිගු කරනා
මහමෙර වන් ඔහු පැතුමන්
නොසැලේවී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply