ලංකා අම්මා | Lanka Amma by Pradeep Rangana & Shanika Madumali

Sinhala song lyrics with music notes illustration

සවනට සිරසේ
පින්බර සුරතින්
සිපගත් දෙරණයි
මගෙ ප්‍රානය ජීවේ

දේශය ලංකා
ඔබ අපගේ අම්මා

දීපය ලංකා ශ්‍රි ලංකා
රන් භූමිය මනරම් ලංකා
විරුවන් බිහිකල
අම්මා ශ්‍රි ලංකා
අම්මා මා බිහිකල ලංකා

අද දිනනා
අපි එක්වී නොසැලී
ජාතිය ආගම ජය වේ
එක කොඩියක් යට
අපි රජවේ
ඉමු අපි වෙනිවෙන්
ලක් අම්මා

ජයටැඹ විය අප පය තබනා තැන
අයිතිය අප සැමටයි
කලයුතු සැම
අප සතු යුතුකම
කල යුතුමය
වෙනුවෙන් අම්මා

අද දිනනා
අපි එක්වී නොසැලී
ජාතිය ආගම ජය වේ
එක කොඩියක් යට
අපි රජවේ
ඉමු අපි වෙනිවෙන්
ලක් අම්මා

දීපය ලංකා ශ්‍රි ලංකා
විරුවන් බිහිකල
අම්මා ශ්‍රි ලංකා
රන් භූමිය මනරම් ලංකා
විරුවන් බිහිකල
අම්මා ශ්‍රි ලංකා
මගේ රට මව් රට මගේමයි

කැලතෙයි ලේ බිදු
සිරුරෙම
රට වෙනුවෙන් අපි පෙරටම
කදුලක් නෑ නෙතු කෙලවරට
ආදරේ මගේ ලක් අම්මාට

පලමුව අපි රට ගැන සිතමින්
දෙවනුව අපි අපගැන සිතමින්
තෙවනුව අභිමානය සොයමින්
ඔසවමු අප මව් ලංකා
නිවහල් බව රැකගෙන සැමවිට
පෙන්වමු දේශය ලොවටම
වියතුන්ගේ අනසක පිලිගෙන
එක්වෙමු වෙනුවෙන් ලංකා

ලක් අම්මා
ලක් අම්මා
ලක් අම්මා
ලක් අම්මා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply