මේ හිත රහසින් | Me Hitha Rahasin by Dinesh Tharanga & Shanika

Sinhala song lyrics with music notes illustration

මේ හිත රහසින් කිවා
ඔබමයි ඕනා
සසරේ සරනා හැම වාරේ
නුබමයි ඕනා

මේ හිත රහසින් කිවා
ඔබමයි ඕනා
සසරේ සරනා හැම වාරේ
නුබමයි ඕනා

සිය දහසක් තරු නෙතු පීරා
සෙව්වේ ඔය රුවමයි සැමදා
මගේ නෙතු නොපියා

හද හුනුහුම සුසුමක දවටා
මගේ පපුවේ ගුලි වී හිදිනා
ඔය රුව අද මගේම වෙලා

මේ හිත රහසින් කිවා
ඔබමයි ඕනා
සසරේ සරනා හැම වාරේ
නුබමයි ඕනා

නුබේ ඔය නෙතේ
එළියෙන් මා හිනැහුණේ

හිතේ හැම අතේ
රුව ඇදිල නුබ වාගේ

මේ හද ගැහෙනා හැම වාරේ
නුබමයි ඕනා
නෙතු ගැටෙනා හැම වාරේ
නුබමයි ඕනා

හීන පිරුන ජීවිතේ
ගීතයයි ආදරේ
නුබ නැතිව මන් කෙසේදෝ
ඒ ගී ගයන්නේ

හැම විටම නුබ සිහි උනේ
නුබ මගේ ජීවිතේ
මියැදුනත් වෙනකෙකුගේ
කවදාක හෝ නොවේ
නුගේ තුරුලයි මා පැතුවේ
හැරයන්නට නැ හිත කිවේ
දිවි තුරා සැමදා
කදුළේ සුසුමේ ලග උන්නු ඒ
සිනහව නුබ හින්දයි මැවුනේ
නුගේ වෙලා අද මා

මේ හිත ඇසුවා නුබ සොයනා
කව්රුද ඕනා
උපදින සසරේ හැම වාරේ
නුබමයි ඕනා
මේ හිත රහසේ කිවා ඔබමයි ඕනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply