ඔබෙන් මිදිලා | Oben Midila by Dinesh Tharanga [2023]

Sinhala song lyrics with music notes illustration

ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං..//
ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//

හිමි මට දුක විතරයි ආයේ
බැහැ ඉන්නට ඔබ ලඟ පෙර සේ
ඉරනම කඳුලයි මේ ආදරේ..

වැරදී ඔබ ගිය මග අඳුරේ
පැරදී එනවානම් සොඳුරේ
ඉඩ තිබුනා තාමත් මේ හිතේ

ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//

මිදෙන්න මිදෙන්න දෙන්නෙ නෑ ඔය හිතකට
රිදෙන්න රිදෙන්න හුරැවුනා වෙිදනාවට
කියන්න ලියන්නම් ආදරේ වටිනාකම
කාටවත් ගන්න බෑ හිතේ ඔයාට තිබුන තැන
කදුලට හුරැ වුනා ජිවිතේ මැදියමේ
වැනසුනත් හිත නුබ රැදුනා මතකයේ
වැලි කැටයක් මම නුබ නම් සාගරේ
නොපෙනුනත් පන වගේ තවම ආදරේ

හිරු සඳු හිටියට එක අහසේ
බැහැ ලං වන්නට නම් සිත් සේ
ඔබ මා අද ඉන්නෙ ඒ ඉමේ

මතකය දිය කරනා කඳුලේ
සුසුමක් දවටා ඔබෙ සුවදේ
තනිකම තනි මැකුවා පාලුවේ

ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//

ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං..////

written by Shalini Malsha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply