ඔබේ නේත්‍රා | Obe Nethra by Mihindu Ariyaratne [2018]

ඔබේ නේත්‍රා හමු වූ දා
මට මාව හමු වූ වා
හද මාත්‍ර කැලඹූවා
සද රෑම සිහිවූවා
හමුවුනා හිනැහුනා
පැතු හීන ඉටු වුනා
සතු වුනා නතු වුනා
සිතු දේම සිදුවුනා
ඔබේ නේත්‍රා හමු වූ දා
මට මාව හමු වූ වා

හෙලනා ඇසිපිය සිත වැලද ගන්නේ
රුව නුඹේ පපු ගැඹුර සිපගන්නේ
මාගේ හදවත සනහනහැගුම් පෙමෙන්
සේද සදලියේ නුඹ නෙවෙද දන්නේ

ඔබේ නේත්‍රා හමු වූ දා
මට මාව හමු වූ වා
හද මාත්‍ර කැලඹූවා
සද රෑම සිහිවූවා
හමුවුනා හිනැහුනා
පැතු හීන ඉටු වුනා
සතු වුනා නතු වුනා
සිතු දේම සිදුවුනා
ඔබේ නේත්‍රා හමු වූ දා
මට මාව හමු වූ වා

තුහුන පිනිසළු ගත වෙලෙන පින්නේ
පපුතුරේ උනුහුමට ගුලු වෙන්නේ
ඔහොම බැලුවම මගේ දිහා නෙතු අගින්
කොහොම තොල් පෙති සිපනොගෙන ඉන්නේ

Leave a Reply