පාන වගේ පේන හීනේ | Paana Wage Pena Heene by Pradeep Rangana

පාන වගේ පේන හීනේ
පාට පබළු මාල බැන්දේ
මාල ගිරවි පාර පෙන්නේ
හීන මාවතේ

සරා සඳකි දෑස අස්සේ
කෝඩුකාර රෑන මැද්දේ
පියාසලා හීන වැස්සේ
අපේ ආදරේ

ඝන නිල් වලා අස්සේ හැංගිලා
කවිකාර තරුකා ඇස් මත් වෙලා
දේදුන්න සේ වලා තීරයේ
බොඳ වෙලා අපේ පෙම් කතා

මේ කුළු වසා ඔබ සිටී නම්
ජිවිතේ විඳිමු දුක සැප සම සිතකින්
ආදරේ සියෝ ළඟම වෙලේ නම්
ඔබ මගේ වෙලා…

පාන වගේ පේන හීනේ
පාට පබළු මාල බැන්දේ
මාල ගිරවි පාර පෙන්නේ
හීන මාවතේ

written by Pradeep Rangana

Leave a Reply