පමා නොවූ මා ආදරේ | Pama Nowu Ma Adare by Mahiru Senarathne

තනියට මගෙ පපුවේ ඈතක
තොල් පාට ලෑ ලිලී මල නුඹ
මන්දාර වැහි හීන මානෙක
මගෙ වෙයන් අල්තාරයේ දිම

ගිම්හානයේ අග
මල්වරවීදෝ හිත් මා ළඟ
වැහි පීරේ ඇහි තෙමුනෙම
නුඹ ළං නොවූ යාමෙක

මගෙ වෙන්නදෝ ළං උනේ
සිපගන්නදෝ ඉඟි කලේ
මගෙ බාරියේ හීනයේ
පමා නොවූ මා ආදරේ //

දැවටෙන්න ඔය හිතේ තනියට
දුර යන්න දුරු නිම්නයේ තව
ඇහැරෙන්න බෑ හීනයක් ළඟ
ඇයි මේ තරම් ආදරේ දුර

ගිම්හානයේ අග
මල්වරවීදෝ හිත් මා ළඟ
වැහි පීරේ ඇහි තෙමුනෙම
නුඹ ළං නොවූ යාමෙක

මගෙ වෙන්නදෝ ළං උනේ
සිපගන්නදෝ ඉඟි කලේ
මගෙ බාරියේ හීනයේ
පමා නොවූ මා ආදරේ //

written by Supun Prabhashana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *