දෑසේ හී සරේ නැවතිලා හීං සැරේ
උමතුයි අමුතුයි මේ ප්‍රේමේ
කතරේ දිය දෙතොලක් වාගේ
ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ
අත්දෙක අල්ලාගෙන ඇස් බැන්දුම් පානා
හදවත ඉල්ලාගෙන මායම් දැල් මානා
මඟහැර යන්නට බෑ වශී වෙවී ආවා
මගෙ ජීවිතේ ම දැන් ප්‍රේමෙන් මත්වීලා
ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ
ලෝකේ රළු දෑසින් මුදු ලෙස මා හංගා
පපුවේ උණුහුම දී සීතල දුක් නිව්වා
ශෝකේ නීරස තැන් වෙනුවට රස හෙව්වා
ආලේ කතන්දරේ අපි අලුතින් ලිව්වා
ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ
written by Kasun Mahendra Heenatigala
Leave a Reply