සරා සඳේ සිරියාවේ
නිවී දිලී මායාවේ
මගේ හිතේ නුඹ ඇඳුණා…
මිළාන වූ මේ දෑසේ
පිපී සැලේවී ප්‍රේමේ
රැඳී ඉමී මා සදා…
සඳ පායන ගනඳුරු යාමේ
ඔබෙ ආදර දෙඅදර රාවෙන්
සඳ සීතේ පිනි වෑහුණා…
සඳ සාවී ඔබමද මාගේ
සැතපී හිඳ සිතුවිළි යහනේ
මගෙ ආදර හිත පාරනා…
මිළාන වූ මේ දෑසේ…
සරා සඳේ සිරියාවේ…
පියඹා එන සමනළ රෑනේ
තටු දහසක මදහස වාගේ
නෙතු මානේ සිත පා වුණා…
පියඹා එන සමනළ සීනේ
සිරිපා වැඳ සැනහෙනු වාගේ
නෙතු මානේ ඒ හිත යා වුණා…
සරා සඳේ සිරියාවේ
නිවී දිලී මායාවේ
මගේ හිතේ නුඹ ඇඳුණා…
මිළාන වූ මේ දෑසේ
පිපී සැලේවී ප්‍රේමේ
රැඳී ඉමී මා සදා…