ආදරේ කියන්නෙ
අරුම පුදුම නැවතුම්පලක්
කොතනින් පටන් ගනීද
කොතනින් නතර වෙයිද කියලා කියන්න
කවුරුත්ම හරියට දන්නෙ නෑ
සෙවනැල්ල සේ
ඔබ උන්නු කාලේ
මට තනිකමක් දැනුනේම නෑ නේ
අද මගෙ ලගින්
ඔබ නොමැති මොහොතේ
මට දැනුනේ නම්
මහ තනිකමක් නේ
ජීවිතේ නුඹ නමින් තනි වුනා
හමුවුණු තැන් වල මතකය විතරයි අද ඇත්තෙ
අපි ගිය මාවතේ අද මම විතරයි පියමැන්නෙ
මියගිය ප්‍රේමය හදවත පත්ලෙම මාගේ
සදහටම මිහිදන් කලා
සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ
සුවදත් දැනේ
මට ඔබගේ පපුවේ
මගේ වෙදනා ඔබ දන්නෙ නෑ නේ
මැරුනත් හදේ
තියෙනා මේ සෙනෙහේ
වෙනසක් නොවේ
සංසාර ගමනේ
ජිවිතේ ඔබ නමින් තනිවුනා
සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ
written by Nisal Fernando
Leave a Reply