සායම්කාරී | Sayamkari by Ruwan Hettiarachchi [2022]

සුදු කම්මුලක් මා වත මැද වද්දලා
රත් පැහැ කෙරූ දෙතොලක් මට ලංවුණා
නිල් පැහැ මැවූ මනමෝහණ නෙතු සලා
මං ආදරෙයි කිව්වද මට ඔබ එදා
සයම්කාරී ඔබ වෙනවද භාරි
මං ඉන්නම් ඔබ ගැන බල බලා
සීලෙන් පේවී මා ඉන්නම් භාරි
බහ ඇත්තටම දෙයිදෝ ඔයා

ලං කරන් සිපගන්න මං ආසයි ඔය කම්මුල
මට ලංවෙන්න ඉඩදෙනවද
රොන් අරන් අරන් විදගන්න මං ආසයි ඔය තොල් අග
මට ලංවෙන්න ඉඩදෙනවද

මා නවතින්නම් ඔබගේ ….තුරුලේ හැංගි පහසේ
නෙත පැටලෙන හැම හීනෙ ….ඔබගේ රුවමයි පෙනුනේ

සයම්කාරී ඔබ වෙනවද භාරි
මං ඉන්නම් ඔබ ගැන බල බලා
සීලෙන් පේවී මා ඉන්නම් භාරි
බහ ඇත්තටම දෙයිදෝ ඔයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *