වේරහැර මූකලානේ
පපු කැනැතක්
පස් යට වැළපෙන්නේ..
බාල උලලේනියන්නේ
ඒක දැනගෙනදෝ අඩන්නේ…
නැතිදෝ පොඩිනෝ…
සංසාරයට ආයෙත් වඩින්නේ..
අගු කොනේ හැමදාම හවහට
වනල්ලාගෙන කොණ්ඩේ ඕසෙට….
රත්තරන් නුඹ රටා තිය තිය
පැදුරු විව්වට බැරි වුනානේ…..
වියා ගන්නට සසර මෝවිට….
කාටවත් නොකියාම දවසක හිතුමතේ යද්දී වේරහැර……
තිත්ත කඩයින් පෙත්තරේඔලුව උස්සා බලා උන්නා…..
උන්ගේ ඇස්වල කදුළු තිබුනා
Leave a Reply