සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතර දෙසින් ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන් මට නැත අගනේ
සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා
මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලෙන්නේ
මා ඈ ගත සළු පළඳින්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිඟුම් හඩින් මගුල් සිලෝ පෝරුව දෙදරයි
සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා
මධුසමයට මගට බහින්නේ
ඔබේ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා ඇයි මට කීවේ
සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා