වගු රට ප්‍රේමිය | Wagu Rata Premiya by Rameesha Lakshani

සරා සඳ මැද වලා දහසක
ගොතා වියමන් තරු රටාවක
ආලවන්තම බාහු යුග මැද
ලඳක් සැතපේ සීහ ලෙන තුල

කණක කේසර – අඩවන් දෙනයන
ප්‍රේමාලිංගන විඳ විඳ…
ලෙන තුල මාලිග සුව නැති මුත් ලඳ
ඇයයි ප්‍රේමයේ ආදර අංකුර….

රුදුරු වනමැද- හිනැහි බැබලෙන
ඇගේ මුවමුතු දිලෙන සුකොමල
වසා යනු මැන සිරකර හද ලෙන
වගුරට ප්‍රේමිය සුප්පාදේවිය

සරා සඳ මැද වලා දහසක
ගොතා වියමන් තරු රටාවක
ආලවන්තම බාහු යුග මැද
ලඳක් සැතපේ සීහ ලෙන තුල

Leave a Reply