අම්මා | Amma by Damith Asanka

නැති බැරිකම් මගේ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා
හැකි පමණින් ඔවදන් දුන්න හින්දා
හැම මොහොතේ මට හයියක් වුණා
ඔබ වටිනවා මහ මෙර තරම් මට මගේ රත්තරන් අම්මා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා
නැති බැරිකම් මගේ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා

දණ ගාන පොඩි කාලේ තුරලේ හොවා මා
ඔබේ නින්ද සඟවා දමා
දොයි දොයි කියා මාව නිදිකෙරුව තාලේ
මගේ හීනේ කවියක් කළා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා

හිත හයිය ඇති තරුණ මිනිහෙක් උනත් මා
මගේ ගාව ඔබ නැවතිලා
ඔබ අනලා මට කවන බත් කට රසයිනේ
මේ ලෝකේ හැමටත් වඩා

Leave a Reply