පෙම් කවක්‌ | Pem Kawak by Karunarathna Divulgane

පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
මා කෙලසේ

පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
මා කෙලසේ

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමනද මට පවසන්
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමනද මට පවසන්
සද එළිය පොලොවටයි හිමි වුයේ
සද අහසේ රැදුනාට රත්තරනේ

පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
මා කෙලසේ

ඔබ මා හමුවුන | Oba Ma Hamuwuna by Karunarathna Divulgane

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පර වුනු පෙම් මල
සිතින් තුරුළු කර මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි
සිතින් දරාගෙන මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි

පායා නැගී ඒවි | Paya Nagee Ewi by Karunarathna Divulgane

පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා…
සේපාලිකා

පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා…
සේපාලිකා

දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
තනිව හඬනා රැයේ හදට දී වේදනා
එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න
දුර ඈත සිට එන්න සේපාලිකා…
සේපාලිකා

රෑ මීදුවේ දිලුනු තරුමල් ලෙසේ
ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
කඳුල පිස ලන්න සතුට තවරන්න
සුවඳක් ලෙසින් එන්න සේපාලිකා…
සේපාලිකා

මා මළ දා | Ma Mala Daa by Karunarathna Divulgane

මා මළ දා සුදු ඇදගත්
වතු සුදු ගහ වාගේ
නුඹ තවමත් සුදු ඇඳගෙන
ඇයි මැණිකේ මාගේ

මා සිහිකර සුසුම් ලමින්
නුඹ දුක්වන ගානේ
කඳුලක්වත් පිස දමන්න
මං නුඹ ළග නැනේ

මා මළ දා සුදු ඇදගත්
වතු සුදු ගහ වාගේ
නුඹ තවමත් සුදු ඇඳගෙන
ඇයි මැණිකේ මාගේ

ඉටිපන්දම් දල්වන විට
නුඹ තවමත් සොහොනේ
මම කොහොමද තව භවයක
උපදින්නේ නෝනේ

මා මළ දා සුදු ඇදගත්
වතු සුදු ගහ වාගේ
නුඹ තවමත් සුදු ඇඳගෙන
ඇයි මැණිකේ මාගේ

මතක | Mathaka by Abhisheka Wimalaweera ft. Karunaratna Divulgane

මතක ලන්තෑරුම් අඳුර මැද
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුනෙ නැතුවට මගේ කඳුළින්
කමිස උරහිස තෙමී තිබුණා

මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි
නොදී ඈතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක
වුණත් මගෙ හදවතට දැනුණා
නොදැනුණා වාගේම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා

පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා

තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා

සුළඟ නුඹ වගේ | Sulanga Numba Wage by Karunarathna Divulgane

සුළඟ නුඹ වගේ
සිත් මල වටා එතෙයි…
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි…
වැස්ස නුඹ වගේ
සිත් මලට ඇද වැටෙයි…
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි…

සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එලව එලවා විත්
සැනසුවෙත් නුඹයි…
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි…

සිත තනි කළෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි…
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි…