දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ
කදුලක රස විදිමින්
නුඹගේ පහසේ
රහසක් වූ මාගේ
නොලියූ කවියේ
පද එකිනෙක බිදුනේ
දැනෙනා සෙනෙහේ
අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ
ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක්
මං සිතුවා
නිල් පාටින් හැඩ
මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන්
ඒ හීන
පාවෙලා යනවා
දුර ඈත
නැවත හමු නොවේන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගේ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව
දැන දැනම
තාම හිත ඉල්ලන
ඔය දෑත
අහස ගුගුරා කිව්
ඒ පුවත
තේරුනා මටනම්
කල් ඇතිව
නැවත හමු නොවේන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගේ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
written by Manuranga Wijesekara
Supiriyak