ඝන අඳුර පහව යන තෙක්
මට කවි කියාන්
කළු අහස අකුණු පුපුරාන්
රැය එළි කරාන්
පණ බයට අරණ බිඳ ගෙන
පරතෙර බලාන්
ඉරි තැළුණු පොළොව නුඹ
එනකාන් මග බලාන්
බරපතල කතාම කියන්න වෙනවා
රටම සද්දෙට දෙදරුම් කනවා
සද්දෙට මේක අහන්නම වෙනවා
අහන ගමන් නටන්න වෙනවා
යන තැන දන් නෑ යන්නම වෙනවා
අනුන්ගෙ පදේට රඟන්න වෙනවා
කාලේ ගෙවෙද්දි ඕව හිතන්න වෙනවා
අතරමගදී
දවාලෙ දුවිලි කාන් බත් එක
බැඳාන් බස් එකෙම යාං
සැපට දුක දරාන් හෙට ගත
පලන් අද අත පොවාං
බරට හිත පුරාං රැට කන්නෙ
ගෙදර යන ගමාන්
ඇතුළේ බත සඟාන් පරිප්පු
එක්ක සුද්දගෙ පාන්
අර බමන මතට සුදිය හොයන්න
යන්නෙම පෙරපු අඩිය
මර සෙනඟ දුටුවොත් මග දිගටම
ගලාන එනව එඩිය
කර ළඟම පිරිල රතිය යනව
වෙනම හොයන්න කුටිය
පෙර පිනට වැනිල වැනිල
ගෙදර පඩිය ළඟම
ජපානෙ හදපු ට්‍රැක්ටරේ ගාණ
විකුණ හරක බාන
රට පුරාම කුඹුරු තියාන
රටින්ම ගෙන්නපන් හාල
මුහුද හිඳිලා රට වටේම
නැවක් එන්නැලු තාම
අහස ගෑවෙන උසට තාර
වැහිල රෑ හඳ පාන
උඹට කැමතිනම් අහක බලන්
වෙදකමම කරාන්
මැරෙන්න වැටිලා ඉන්නෙ වාහන
පර්මිට් නැත්නම් ඩොකා ගනාන්
පරණ වෙලා පරණ වෙලා කර
බැදපු මාලෙ කඩාන්
මම එනව සින්න වෙන්න යන
උඹගෙ දොර කඩාන්
ඝන අඳුර පහව යන
තෙක් මට කවි කියාන්…
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස්
මුන්ගෙ මාර සේනා මැද කන්න
වෙන්නෙ පස් සීනි කියන්
ඇස් ඇරල නෑ තම රැය
බඩගිනි කස්ටිය අරන් බස්
යනවා පෝලිමෙ බල
ඔය ඔක්කොටම එන්න වෙන්නෙ
මං ලගට අපායේ රජ..
උන්නද මළාද බලන්නෙ නැ
පොඩි උන්ගෙ දිහා මුන්
කන්න බොන්න ඉන්න යන්න
එන්න හදල දෙන්නෙම නෑ මුන්
දන්න කෙනෙක් ඉන්නවනම්
කියපන් පුදනවා උන්
ෆන් එකෙ ඇඳල ඉන්නේ මං
පැළෙන්න හිතෙ තියෙ දුක්
අත ඇරපු පරවි තම
ඉන්නවනෙ කූඩු හදාන්
අහස පුරාම ඉගිළුණ
උන් තටු කඩාන්
ලොක්කෝ හදන්නේ අහින්සක
උන් ටික වඳ කරාන්
අලුත පීදුණු වඳ ගස්
වමට බර කරාන්
අපි ඉන්නේ ලෙයට කාගෙද පයට
පෑගිල තියෙන රටක
යන්නෙ ණයට දාගෙන වාරණ
කාටත් වැඩියෙන්ම ජයට
දන්නෙ නැතිව වගෙ
නිදන්නෙ නැතිව
පොරවාගෙන සේද
මාවතම බයට
ඝන අඳුර පහව යන
තෙක් මට කවි කියාන්…
written by Master D