කාලය | Kaalaya by Dumal Warnakulasuriya [2021]

කාලය පැනගියත්
යල් පැන නො යයි සිතූ
සිතුවිල්ලක්ම විය
හද පත්ලෙහි ම විසූ

කදුලකට මුසු වුනත් සේදී
නොයයි සිතූ
හසරැල්ලක් විය
දෙනයක මත පිපුනූ

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

මැරුණු අතු මත
හිනැහෙන
තවම නොමැරුනු මල් වල
කතාවක් ඇත කියා ගන්නට
බැරුව මුව මත ගොළු වුන

මැරුණු අතු මත
හිනැහෙන
තවම නොමැරුනු මල් වල
කතාවක් ඇත කියා ගන්නට
බැරුව මුව මත ගොළු වුන

කාලය පැනගියත්
යල් පැන නො යයි සිතූ
සිතුවිල්ලක්ම විය
හද පත්ලෙහි ම විසූ

කදුලකට මුසු වුනත් සේදී
නොයයි සිතූ
හසරැල්ලක් විය
දෙනයක මත පිපුනූ

නිසල ඇස් මත දගලන
සසල වුන ඇසිපිල්ලක
කතාවක් ඇත කියාගන්නට
බැරුව කදුලක ගල් වුන

නිසල ඇස් මත දගලන
සසල වුන ඇසිපිල්ලක
කතාවක් ඇත කියාගන්නට
බැරුව කදුලක ගල් වුන

කාලය පැනගියත්
යල් පැන නො යයි සිතූ
සිතුවිල්ලක්ම විය
හද පත්ලෙහි ම විසූ

කදුලකට මුසු වුනත් සේදී
නොයයි සිතූ
හසරැල්ලක් විය
දෙනයක මත පිපුනූ

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *