කන සැප | Kana Sapa by Master D [2021]

ඉන්න දෙන්න මට
පෙන්නන්න බැරිනම් බෑ
මගේ රැප මම දෙන්නේම උසට ඈ
එක පාරක් මදි නම්
තව පාරක් දෙන්නම් ඈ
තව පාරක් දෙන්නම් ඈ

කන සැප මම දෙන්නේ
රට ගැන ලූ තාම
එන්න කෙනෙක් එන්නෙ
දුවන් යන්නෙ මූරාම

ඉතින් ගනන් ගියා
හිතින් නිදහසක් මූ ගාව
ඇති දැන් මේ වැදි නවත්තගත්තද
උදාර

ඉතින් හැම දන කන බොන
අද හිතාගන්න බැරි තරම්
කවි කිය කිය මගේ හිත
අද නිදාන්න මට බැරි තරම්

දින දින අලුත් වෙන සිතුවිලි
දොඩම් ගොඩ බදාගත්තු තරම්
අඩුවට ගත්තු බඩු කඩාගන්නේ නැතුව
ඉන්නම් මම කඩන් සරන්

කොටුවෙලා ඉන්න බැරි කට
හිතින් යවාගන්න බැරි රට
ගෙවාගන්න බැරි නය මට
මගේ හිත හදාගන්න බැරි මට

නිදන් වෙලා අද රැප මම
උඹ ඉදගනින් අරන් මල
හිත හදාගන්න බැරි උඹලට
දෙන්න මගේ රැප නද

නෑ මගේ නාදමේ බොලද
හාරපං මොලේක කලද
ඌරාද ඇතාද දලද
වාදනේ හොයන්නෙ කනද

ආදරෙන් ඉඹින්නේ පයද
හාමතෙන් ගෙවෙන්නෙ රැය ද
තාපයෙන් ගැහෙන අයට
මේ රැප පාගපන් බයට

ඉන්න දෙන්න මට
පෙන්නන්න බැරිනම් බෑ
මගේ රැප මම දෙන්නේම උසට ඈ
එක පාරක් මදි නම්
තව පාරක් දෙන්නම් ඈ
තව පාරක් දෙන්නම් ඈ…//

අසන්නේ මදිනම් ගෝසාව
කොහෙන්ද මතු වෙන්නෙ දෝසාව
බැදීම කොහෙත් ම පෝසත් ද
මේ ගැන කියද්දී කෝ සද්ද

මනින්නේ රූපය දෑසින් ද
තකන්නේ ලෝකය රහසින් ද
තාලෙට වයන්නේ මෝසින් ද
මගේ රැප මොලේට පෝසින් ද

ඇසකන රතු වෙන කල අද රැප අද
උබේ ඇග හිරි කර වට පණුවෝ ගිල්ලා බඩ
මුලකුරු ඇද කලා කකියන රට ගැන
ඉලකඩ කියවන්නෙ මිරිකපන් කන මගේ

ඉතින් හිත හදාගන්න මගේ රැප මදි කල
ඇදං ගිය ගෙඩියට පලංදල වද මල
කලා ගිය තැන ගැන
ගෙල තියන් ඉනේ මම
අලුගෝසුවා නාවන්න මෙන්න කිරි කල
බෝයි

හැමදෙනා ලොස්
අනුන් ගැන දොස්
අමු ගමේ කොස්
මෙන්න රැපේ බොස්
පතුලට ගොස්
එද්දී බත රොස්
බඩ පපු හොස්
මෙන්න රැපේ නොස්

ඉන්න දෙන්න මට…//

කන සැප මම දෙන්නේ…//

written by Master D

Leave a Reply