කාමිණී | Kamini by Smokio ft. Reezy & Tee Cee [2021]

Sinhala song lyrics with music notes illustration

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

හඳ නෑ, කළුවරයි රාත්‍රිය..
ඈ මගේ ලඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය..
ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය..
කතාවේ තව කොටසක් නිමා විය..
දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ..
ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නැහැ පින්තූරේ..
කවදාවත් අහන්නැහැ මගෙන් “ඇයි පමා වූයේ?”
මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ..
ඈ මන්දෝදරී, මං රාවණ..
ඈ කාමිණී, මමයි වත්ස්‍යායණ..
වෙනසක් නෑ මධ්‍යම රාත්‍රී, මධ්‍යහන..
මේ හෝරාවයි සංවාස අධ්‍යාපන..
Ayy කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි..
එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි..
උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි..
රතු වෙලා ! වගෙයි ඈ “පුපුරන්න මිනිත්තුවයි”
තව මදියි ඇගේ කාමුක දෑස් අයදී..
ඈ ළඟදි “රති” මාර දූත් පරදියි..
ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී..
“මා සනසන්න හැකි නුඹට ප..ම..ණී..”

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි..
දිව්‍යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි..
මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී..
මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී..
අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්..
ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්..
සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්..?
එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්..!
පුරඟනී, ඈ මා ගාව දැවටී..
මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී..
මුමුණාවී “මත” කින්, “මමයි නුඹේ රැජිණී, රජුනී! නුඹ කැමති දේ කළ මැනවී..”
තෙත් කරන්නම් මං නුඹ, වැස්සක් වගේ..
මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ..
රාගය ඇත ආලය නැතත් හදේ..
ආත්මයන් ගැටී! නොතේරෙයි ඇත්තක්ද මේ..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්..
ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි..
ඒ කාමිණී.. මං ලග වැටී දණින්..
එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්..

written by Smokio, Tee Cee & Ramesses Reezy

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply