ප්‍රේමයේ මේඝ ගැටී දෙහදෙදී
ආලයේ වැසි රූරා වැටේ
අපි ඇවිද ආ වැලි පාරෙහි
මගෙ වේදනා දිය කඩිත්තේ
සුලැඟිලි තුඩින් ඉස්සී
තුරුපත් පවන් සැලෙනා වෙලේ
සිනාසී නුඹ නැටුවා පෙම නිමාවී
මා ලියූ සන්දවනියේ රළු හඩයි නුඹ
ඒ අසා සැනසූ මෘදු හඩයි මම
නුඹ ඒ ලෙසින් වැයෙන්න
තව තවත් මා නිවෙන්න
ලියඅරා උයනේ මට හමුවුනු
ලිලීමල නුඹ
මා ඇන්ද සිතුවමෙහි බොදවු තැන නුඹ
රසම තැන එය වූ කලී මා සෙවූ මම
නුඹ ඒ ලෙසින් පෙනෙන්න මට තවත් විදින්න
ලියඅරා උයනේ හදෙහි ඇන්ද
ලිලී මල නුඹ
Leave a Reply