මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා
දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්
ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ
දෙදෙනා ඇවිදන් ගිය පාරේ
අද නෑ වාගෙයි මෙ අවාරේ
මතකේ පාරයි සිත මාගේ
තනිවම ඔබ ළඟ නැහැ මාගේ
තුරුලේ ඉන්නට පෙර වාගේ
යළි නොම ඒදෝ ඒ කාලේ
සැමදා මං ආදරයෙන්
පැතුවේ ලැබෙන්න ඔබමයි
තරහා නෑ කවදාවත්
සතුටින් හිදින්න හැමදාමත්
මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා
දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්
ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ
මතකෙට එනවිට
හවසක තවමත් අප
කළ කී දේ
දැනුනා සුපුරුදු සුවදම
විදි හැඟුමක උණුසුම ඒ
අවසර නැති සිහි නෙක
පාවෙන සිත සොයයි
අරුතක් මේ
නැවතුම නොදනිමි
එනමුදු මම තවමත් ගමනේ හේ
ගැළපිලි ගළපනු බැරි තැන වෙන්වුණ නුඹ ගැන නෑ කිසි තරහාක්
අලුවෙන තරමට ගිනි ඇවුළුනෙ කොහොමද තව නෑ උත්තරයක්
තහනම පැනවුන මගෙ සිත අවනත නෑ දන්නෙ නෑ ප්‍රශ්නෙ තරමක්
අකමැති විදියට උනත් ලියවුන හැටි වෙන්න ඇතිමේ අපෙ ඉරණම්
මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා
දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්
ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ
Leave a Reply