හෙට දවසේ වීරයෝ | Heta Dawase Weerayo by KAALI & Jizzy [2022]

Sinhala song lyrics with music notes illustration

ලියන්න කියන්න පාඩම් වැඩනම් බෝමයි
පප්පල බලන්න හවසට ඕනයි
අරිශ්ටෙ වෙනුවට කුරුම්බ ඕනෙයි
දුවන්න ඕනෙයි පනින්න ඕනෙයි විඳපුව බෝමයි

විඳපුව බෝමෙයි

නිවාඩුවට ගට අරං ගෙවැට පැනගෙන මහගෙන අහගෙන පැනේ

සේරුවට ගැට ගහං සරංලේ අරං වෙලෙන් පැනං දුවං ලෙලි ගහං දණේ විඳපුව බෝමයි

ඇලෙන් නහං නිල් ගොයං හැන්දෑවෙ ගුටි කාගෙන ගෙට යමං කියාගෙන බණේ

දම දමං වෙට්ටු අම්මට දුවගෙන කාමරේට ගිය අපි ලොකු වෙලා මචං අනේ විඳපුව බෝමෙයි

එකදා නවසිය ගණං වලදි සුද්ධ ගියා රට දාලා
එතන ඉඳන් හිටි උන් රතු කොල නිල් පාටින් රට හාලා
පහෙන් පහට අපි ගත්තා එක එක එක මරු සර්ලා
අපි ස ගත්තා ස රී ගත්තා ගා ගත්තා හා ගත්තා
ණය ගත්තා නා ගත්තා රී ගත්තා ගා ගත්තා

හෙට දවසේ වීරයෝ වෙන්නේ අපි තමයි
හෙට බිහිවන නායකයොත් වෙන්නේ අපි තමයි
අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි

භවලත් බයිටොයි ජෙපි ගොට්ටන් හට බෙදුනද එක එක හැන්ද

රටේම නිධන් ගලට දුන්නද සිට යනකන් අඩ නින්ද

සයි ෆයි කතන්දරේකද තිබුනේ නැති සුන්දර රට වින්ද

රකින්ට නැගිට ගෙන හටනෙ වැටුන ලිං කටින වර ගොඩ හින්ද

සරුවට සාර කෙතෙන් කාගෙන හිටි එවුනුත් සංකාවේ ලංකාවේ

දරුවට පාර වහං මරු විකල්ලෙ මහ උන් මහපාරේ

නාටක පෙන්න හාරගෙන නිදාන දාගෙන හැදු සඳහිරු වේරේ

පාටක සාටක ඔතාන උරාන බිව්වනෙ රට සාරේ

අවුරුදු 20ක් විභාග ලිව්වය නම්බුව වහගන්න වලංගුය

ලොකු ලොක්කට දුක පුන්නෝතින් සුදුස්සගේ වෘත්තිය අවලංගුය

පීඩිත සාගත පන්තිය බැස්සෝතින් පාරට වැදුනා උන්ඩය

යුක්තිය හැංගිය ඇඳගෙන ජංගිය ලස්සන කාලය අපගේ පිච්චුන අනංග අංගය

කාලේ සුනංගුය වැටුනේ විලංගුය වැටුනේ විලංගුය

හෙට දවසේ වීරයෝ වෙන්නේ අපි තමයි
හෙට බිහිවන නායකයොත් වෙන්නේ අපි තමයි
අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි

අද දවසේ වීරයෝ වෙන්නෙ අපි තමයි
අද විඳවන අපේ රටට ඉන්නෙ අපි තමයි
හදවතින් අපි මවුබිමේ හීන මවනවයි
රට හදනවා අපි දිනනවා රටට ආදරෙයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply