Sinhala song lyrics with music notes illustration

උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්
උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්

රට කාලා දාපු උන් කාලා වතුර බිව්ව මුන්
දේශපාලු වාසි පාරු බාන මාරු කාසි මුන්

ශ්‍රී ලංකා නෑ ජාති ආගම් සීමා දැන් පෙන්වන්ටා
ආදරයෙන් හුස්මට හුස්මක් දෙමු ජව පෙන්නා
ඇහැරෙන්න ඉතින් හරවමු දිනවමු ශ්‍රී ලංකා

හෝ.. ඕ..

කනෙන් රිංගලා හෙමින් අන්දලා කොයි කාවත්
යැව්ව රොකට් එක ගොඩ බැහැලා ඇති හඳ ගාවත්
තොපිට බය වෙලා ඇති දැන් හඳේ හිටි හාවත්
උගේ කැරට් අලේත් කාපන් හොරෙන් වෙන නෑ ඌ ගාවත් ඒයි

ඌ වගේමයි මෙහෙත් අපිටත් නෑ ඇප
කියනකන් ඉන්නේ කරන්න අහවල් එකත් කැප
දැන් නම් බලාගනින් නැකත අතේ නැතුවත් යකඩ
කොලඹ වටලන් අහන්නේ මහරජ දැන් සැපද?

හේයි මහරජ දැන් සැපද?
කොච්චර වෙස් ගැන්නුවත් දැන් පේන මූන කැතද?
කෞතුකාගාරයෙන් කඩු උස්සපු එක කැපද?
මහ දවල් රට වටෙන් නිධන් ගන්න කැපද?

මදිද? තව මදිද?
පාස්කු ඉරිදම බිලි ගත්ත මිනී ගාන මදිද?
පිටරට පැන්නුව සල්ලි කොල මදිද?
මුලු රටකගේ උරා බීපු ලේ මදිද?

උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්
රට කාලා දාපු උන් කාලා වතුර බිව්ව මුන්
දේශපාලු වාසි පාරු බාන මාරු කාසි මුන්

ශ්‍රී ලංකා නෑ ජාති ආගම් සීමා දැන් පෙන්වන්ටා
ඇහැරෙන්න ඉතින් හරවමු දිනවමු ශ්‍රී ලංකා

හෝ.. ඕ..

දූෂිත පාලනෙන් පොඩි මිනිහව පාග පාග
පිළීගදයි මුංගේ අත් පිළිකන්නේ මලමිනී ගොඩ දාලා
පානා රැගිලී නිසා දැන් උන්ගේ කරන් මේ වේදිකාව
තරුණ බලේ අරන් එන්නම් සුන්නත්ධූලී කර යන්නම් වේදිකාව

ඉවසුවා ඇති කාලේ ඒත් කලකම් පලදේ බොට එයි මරු පස්සෙන් බල තණ්හා අස්සේ කෙළවේ ඊටපස්සේ කල මුසා වමාරන්න වෙයි
බොරුවෙන් පෙන්නන දේ ඔළු කන්නේ විසෙන් මිනිසුන්ගේ බලෙන්
රැවටෙන්න එපා බොලා ගිල ගන්න 225ම සැරෙසේ

බලෙන් තගෙන් අල්ලන් ඉන්නේ රට මිනිසුන්ව පාගා
වරෙන් කොල්ලො කෙල්ලෝ ටික ගොඩගමු අපේ රට ශ්‍රී ලංකා
බලන්න ඕනේ නෑ එළිය කොදූ නවාගෙන අනුන්ගේ පහනෙන්
තරුණ මේක අපේ රාවේ කොඩි අරන් එන්නේ අයින් වෙයන් පාරෙන්

උඹට ආස නෑ මුන් උන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්
රට කාලා දාපු උන් කාලා වතුර බිව්ව මුන්
දේශපාලු වාසි පාරු බාන මාරු කාසි මුන්

ශ්‍රී ලංකා නෑ ජාති ආගම් සීමා දැන් පෙන්වන්ටා
ආදරයෙන් හුස්මට හුස්මක් දෙමු ජව පෙන්නා
ඇහැරෙන්න ඉතින් හරවමු දිනවමු ශ්‍රී ලංකා

හෝ.. ඕ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply