ආදරේ අවිය | Adare Awiya by Samanalee Fonseka [2022]

Sinhala song lyrics with music notes illustration

පණ ගැගෙන හදවතයි
ආදරෙයි අරගෙන
එකම පවුරක
එක මිටට වරෙල්ලා
පණ අදින මේ දෙරණ
වල දමා පස් දමන
අලුගෝසුවන්ගෙන්
උදුරාන පණ දෙන්න
එකාමෙන් පෙරට වරෙල්ලා

නොකා හාමතේ ඉන්නා අපට
කොකා ගස්සන
රජවරුන්ගේ පපුවට
ආදරේ බරම අවියෙන්
වෙඩි තියන්නට වරෙල්ලා
එකා පිට එකා මැරුණත්
මහා ජන ගඟක් වී
වීදි මං මාවත් පුරා
දෝරෙ යන්නට වරෙල්ලා

අපේ ලේ කදුළු නෑවුන
නිධානය කඩා උදුරා
කකා මන්දිර වල නටන
සාදයට තිත තියන්නට
මාරුතය වී වරෙල්ලා
ආදරේ බරම අවියෙන්
මාලිගාවේ උන්ගෙ ⁣⁣හිසට
වෙඩි තියන්නට වරෙල්ලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply