මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ
මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ
හිස් වෙලා අනාගතේ
ඈත් වෙලා මගෙන්
වේදනාව පැතිරිලා
මිතුරා වෙලා ඇගේ
ලස්සන උනත් මල පරවෙන්න කලින්
අම්මේ තනිවෙලා මං දැන්
රෝහලේ ඇදේ
සිනහව තමයි මම හොයන් යන්නේ කාලේ
පිළිකාව ලොකුයි මම මැරෙන්නේ අකාලේ
සෙල්ලම නැති වෙද්දී මගේ බාල කාලේ
බැරිවෙයි නැගිටින්න මට වැටුනු අගාදේ
රෝහලේ හැමෝගෙම සෙනෙහස හිමි
මමත් ආසයි දුවන් යන්න වේදනා නැති
ගහක් වෙලා මං කද හයිය නම් නැති
පාසලේ ඉගෙන ගැනීම මගේ හීනයක් ද හිමි
ගුරුවරු කවුරුවත්ම දැකලවත් නෑ
පොත පතක් අතින් ඇල්ලුවා මතකවත් නෑ
බෙහෙත් නැති ලෙඩක් ලු මං ඕවා දන්නේත් නෑ
මම පව්කාරයෙක් මගේ ණය ගෙවීලම නෑ
මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ
මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ
වැටුනට ජීවිතේ මම අද ඉන්නේ සතුටෙන්
අවසාන දින ටිකයි
ගෙවී යන්නේ සැනෙකින්
මං ඇවිදින කිනිස්සක දුක මගේ මිතුරා
සටන්බිම කය වෙලා
හදවතයි හතුරා
නැගිටින්න ආස කරා
බැරි බව මතකයි
හමුවෙන්න බැරි නිසා හිත ටිකක් දගලයි
මම මුරන්ඩුම එකා ඒත් ඇද ලග නිහඩයි
මම අහින්සක උනත් මේ දයිවය මට කුහකයි
ටික ටික තාත්තාගේ කදුලු පිරිලා
ඔහු පව් අද වේදනාවේ බිම ඇද වැටිලා
කැලැන්ඩරේ දින සති ටික ටික ගෙවිලා
මං යන්නම් මගේ හීන පොතේ පිටු කඩලා
ගෙවීයන දවසක් මට නොලැබීමක්
උපන්දින සාදය මගේ ගිලිහීමක්
ආසම නුඹේ කවි අම්මේ සැනසීමක්
ඇයි දෙවියනෙ දුන්නේ නැත්තේ මට එක වරමක්
සමනලයෙක් ඇවිදින් මා සොයලා
පියබා යන්නේ මේ දෑත විදා
ජීවිතේ මා නෑ ඒ වගේ විදලා
මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ
මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ
Leave a Reply