මම හිනැහෙනවා | Mama Hinahenawa by Iraj ft. Louzy & Romaine Willis

Sinhala song lyrics with music notes illustration

මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ

මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ

හිස් වෙලා අනාගතේ
ඈත් වෙලා මගෙන්
වේදනාව පැතිරිලා
මිතුරා වෙලා ඇගේ
ලස්සන උනත් මල පරවෙන්න කලින්
අම්මේ තනිවෙලා මං දැන්
රෝහලේ ඇදේ

සිනහව තමයි මම හොයන් යන්නේ කාලේ
පිළිකාව ලොකුයි මම මැරෙන්නේ අකාලේ
සෙල්ලම නැති වෙද්දී මගේ බාල කාලේ
බැරිවෙයි නැගිටින්න මට වැටුනු අගාදේ

රෝහලේ හැමෝගෙම සෙනෙහස හිමි
මමත් ආසයි දුවන් යන්න වේදනා නැති
ගහක් වෙලා මං කද හයිය නම් නැති
පාසලේ ඉගෙන ගැනීම මගේ හීනයක් ද හිමි
ගුරුවරු කවුරුවත්ම දැකලවත් නෑ
පොත පතක් අතින් ඇල්ලුවා මතකවත් නෑ
බෙහෙත් නැති ලෙඩක් ලු මං ඕවා දන්නේත් නෑ
මම පව්කාරයෙක් මගේ ණය ගෙවීලම නෑ

මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ

මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ

වැටුනට ජීවිතේ මම අද ඉන්නේ සතුටෙන්
අවසාන දින ටිකයි
ගෙවී යන්නේ සැනෙකින්
මං ඇවිදින කිනිස්සක දුක මගේ මිතුරා
සටන්බිම කය වෙලා
හදවතයි හතුරා

නැගිටින්න ආස කරා
බැරි බව මතකයි
හමුවෙන්න බැරි නිසා හිත ටිකක් දගලයි
මම මුරන්ඩුම එකා ඒත් ඇද ලග නිහඩයි
මම අහින්සක උනත් මේ දයිවය මට කුහකයි

ටික ටික තාත්තාගේ කදුලු පිරිලා
ඔහු පව් අද වේදනාවේ බිම ඇද වැටිලා
කැලැන්ඩරේ දින සති ටික ටික ගෙවිලා
මං යන්නම් මගේ හීන පොතේ පිටු කඩලා

ගෙවීයන දවසක් මට නොලැබීමක්
උපන්දින සාදය මගේ ගිලිහීමක්
ආසම නුඹේ කවි අම්මේ සැනසීමක්
ඇයි දෙවියනෙ දුන්නේ නැත්තේ මට එක වරමක්

සමනලයෙක් ඇවිදින් මා සොයලා
පියබා යන්නේ මේ දෑත විදා
ජීවිතේ මා නෑ ඒ වගේ විදලා

මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ

මම හිනැහෙනවා
සදද හඩනවා
හිනැහෙන්න ඕනා ආශාවේ බෑ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply