ලෙන්ගතු කමට මම උනා කුලුදුල්
උබ ගැන නොබලා හිතෙ ඉඩ්නම මුලුදුන්
සිහි වෙද්දි අද උබව පිලිකුල්
මම බලලෙක්නම් ගතිය උබේ කිනිතුල්
දුන්නද එදා මෙන් ආදරේ ඉල්ලපු
පන පිටින් මෙමා දුක් ගගුලක ගිල්ලපු
ආයේ එන්නේ නෑ දනී මා මින් මතු
සිතුවිලි තබා ගොස් උබ උනා අන් සතු
මවා පාපු ප්‍ර්‍රේමේ උබේ ඇස්වලින් නො පාපු
මට වඩාම උබේ කුරිරු හිතින් සතුට වෙන ප තාපු
මම හොයාපු ආලේ නොලැබුනු කල තනිව මා හ ඩාපු
උබෙම සතුට හොයන් රිදවා යන්න ජීවිතේට ආපු
හිත ගිනි ගනි ජාලා එදා උබ මට බොරු පාලා
මෙමා තනි කර ගියා දාලා උබම තනි හිත පාරා
මා විසින්ම උබට රැවටි එදා අවංක පෙමක් පාලා ඒයි
ඇවිත් ලගට උබනම් ගියේ ජීවිතේම කාලා
පෑ සෙනෙහේ මග අද දාලා
ඔබ යාවී මට බොරු පාලා
අතර මංවූ ලෝකෙක හිර උනු මම අද
සතුටින් මතක මකාලා
මතක මකා ගන්න මන්තරේවත් මට කියන්න
ඈ විද්ද දුන්න ඊ තලේ විලාපෙ හඩ අහන්න
මුල්ම කාලෙ වැන්ද හින්දා ආදරේද බැරිනම් එන්න
වැන්ද හින්දාමද මන්දා බින්දා හදවතට රිදෙන්න
මේ මාලිගාවෙ වාසනාව කැන්දු කුමරි කෝ කියන්න
කෝ කියන්න දේවල් නැත්තම් මේ අහන්නකො
ආවදෝ එහෙනම් මං කියන්නම් මෙ අහන්නකෝ
ඒ මතක රූප මකන පින්සලක් හොයන්නකො
ඇත්ත නැත්ත මං හොයන්න ආස නෑ මේ කතාවෙ
ලැජ්ජ වෙන්නැ මං කියන්න පදිරි කල ඇගෙ ලතාවෙ
මං අත්තඩංගුවෙ ඉන්නෙ ඈ තමා වලානෙ
නෑ කියාම යන්නෙ අවුලං ගින්න ඈ තුරං වෙලානේ
එන්න යං දුවන්න කියලා කිව්වා පාරෙ තනි වෙලා මං
කදට ඔපෙම් කලානම් අදටත් ඇදක සැපට ගුලිවෙලා මං
බෑ අපතෙ යවන්න මට නෑ තවත් වෙලානං
උබට ඇපත් නෑ බං රහසෙ වෙච්ච දේවල් එකි කලානම්
පෑ සෙනෙහේ මග අද දාලා
ඔබ යාවී මට බොරු පාලා
අතර මංවූ ලෝකෙක හිර උනු මම අද
සතුටින් මතක මකාලා
Leave a Reply