මතක මකාලා | Mathaka Makala by Naviya CMB, Breezy ft. Chubby

Sinhala song lyrics with music notes illustration

ලෙන්ගතු කමට මම උනා කුලුදුල්
උබ ගැන නොබලා හිතෙ ඉඩ්නම මුලුදුන්
සිහි වෙද්දි අද උබව පිලිකුල්
මම බලලෙක්නම් ගතිය උබේ කිනිතුල්

දුන්නද එදා මෙන් ආදරේ ඉල්ලපු
පන පිටින් මෙමා දුක් ගගුලක ගිල්ලපු
ආයේ එන්නේ නෑ දනී මා මින් මතු
සිතුවිලි තබා ගොස් උබ උනා අන් සතු

මවා පාපු ප්‍ර්‍රේමේ උබේ ඇස්වලින් නො පාපු
මට වඩාම උබේ කුරිරු හිතින් සතුට වෙන ප තාපු
මම හොයාපු ආලේ නොලැබුනු කල තනිව මා හ ඩාපු
උබෙම සතුට හොයන් රිදවා යන්න ජීවිතේට ආපු

හිත ගිනි ගනි ජාලා එදා උබ මට බොරු පාලා
මෙමා තනි කර ගියා දාලා උබම තනි හිත පාරා
මා විසින්ම උබට රැවටි එදා අවංක පෙමක් පාලා ඒයි
ඇවිත් ලගට උබනම් ගියේ ජීවිතේම කාලා

පෑ සෙනෙහේ මග අද දාලා
ඔබ යාවී මට බොරු පාලා
අතර මංවූ ලෝකෙක හිර උනු මම අද
සතුටින් මතක මකාලා

මතක මකා ගන්න මන්තරේවත් මට කියන්න
ඈ විද්ද දුන්න ඊ තලේ විලාපෙ හඩ අහන්න
මුල්ම කාලෙ වැන්ද හින්දා ආදරේද බැරිනම් එන්න
වැන්ද හින්දාමද මන්දා බින්දා හදවතට රිදෙන්න

මේ මාලිගාවෙ වාසනාව කැන්දු කුමරි කෝ කියන්න
කෝ කියන්න දේවල් නැත්තම් මේ අහන්නකො
ආවදෝ එහෙනම් මං කියන්නම් මෙ අහන්නකෝ
ඒ මතක රූප මකන පින්සලක් හොයන්නකො

ඇත්ත නැත්ත මං හොයන්න ආස නෑ මේ කතාවෙ
ලැජ්ජ වෙන්නැ මං කියන්න පදිරි කල ඇගෙ ලතාවෙ
මං අත්තඩංගුවෙ ඉන්නෙ ඈ තමා වලානෙ
නෑ කියාම යන්නෙ අවුලං ගින්න ඈ තුරං වෙලානේ

එන්න යං දුවන්න කියලා කිව්වා පාරෙ තනි වෙලා මං
කදට ඔපෙම් කලානම් අදටත් ඇදක සැපට ගුලිවෙලා මං
බෑ අපතෙ යවන්න මට නෑ තවත් වෙලානං
උබට ඇපත් නෑ බං රහසෙ වෙච්ච දේවල් එකි කලානම්

පෑ සෙනෙහේ මග අද දාලා
ඔබ යාවී මට බොරු පාලා
අතර මංවූ ලෝකෙක හිර උනු මම අද
සතුටින් මතක මකාලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply