Colombo Rebellion by Kevin Smokio & Adeesha Beats [2022]

Sinhala song lyrics with music notes illustration

දන්නැත්නම් ඇවිදින්න පොළොවට ලඟින්
වෙයි දෙඅත් බැඳන් සැතපෙන්න පොළොවට යටින්..
අයිතියක් නොතිබුනත් මේ පොළොවට “නමින්”
අපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි..
ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියි
කොලේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කලින්..
චොර චරිතත් ඇත, උන් කොහොමත් හොරට අදී
ඒත් හොයාගන්නත් නෑ, ගොඩක් උන් මේ ලෝකේ දාලා ගිහින්…
ඉන්නේ කොළඹ අපි, දුපතේ බස්නාහිර කොනක..
ගින්දර වගේ ගලන වදන් රස්නේ හුරුයි තොලට..
පිල්ලම පවා අඩු නොකර වචන දැම්මත් පොතට
ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උඹලගෙම හොඳට.

උත්තරේ “සැපේ ඉන්නේ”, ඇහුවොත් “වෙන්නේ මොකද?”
නුරුස්සන්නේ හිතට, හැසිරීම් වෙද්දියි බොළඳ..
“සරලයි” “සාමුහිකයි” මනස, “නොසන්සුන් නොවන”
උකුස්සන් මෙන් සරන්නේ සිසාරා මුළු කොළඹ..

මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි..
කෙල්ලෝ, කොල්ලොන්ට කියන්නේ “බබා ඇස් වහ වදියි”
දූපතේ වැල්ල මදි, අපේ රැල්ල වදින්න
“ගිණි දැල්ල” අපි යි, දැන් රටේ රැල්ල අපි යි..
කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි..///

මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක්, මේ කොළඹ!
හිඩැස් වහගනියි, “කෙල්ලෝ” ඇස් වහගනී..
කොල්ලෝ දැක්කොත් අහන්නේ, “මුකුත් නැද්ද මසී?”
අපි බැස්සම, වේගෙන් හද ගැස්ම වදී..
මුළු පැත්තම වැහෙනවා අපේ රැස් වළාවින්..
කොහේ බැස්සත් කොළඹ නම රැක්කා අපි!
අපේ ප්‍රාන්තෙට දුන්නා තද ගැම්මක් අපි!
ඔය කාටත් කලින් ඉර පැන්නා අපි!
පොඩි බච්චෝ අපි රැඟුවා දැක්කා මදි..

පාරවල් දාන්නෑ, ඒත් දාන පාර දැම්මා තදින්..
දළ ඇත්තු යි අපි! ඔලු නැව්වා අලි ත්..
පාගලා නෑ කාවවත්! උන් ඇද්දත් යටින්
යට උන්වත් අපි උඩට ඇද්දා අතින්..
ඇහැක් නෑ කියයි, යනවා දැක්කත් ලඟින්
හිතුනොතින් බල්ලෙක් කරනවා බලු මැක්කා වත් අපි..
සමහරු අමාරු නිසා අතැරලා දැම්මා මඟින්
උන් දැක්කත් දැන් ඉන්නවා නොදැක්ක ගානින්..

දඬුවම් දීලා වගේ දණ ගැහුවා නංගීලා
රැක්කා රහස්, අපි නෑ පාවා දීලා..
පාරු පදින්නෑ අපි නැව් වදන් දීලා..
Por esso noso tros viva la vida..

මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි..
කෙල්ලෝ, කොල්ලොන්ට කියන්නේ “බබා ඇස් වහ වදියි”
දූපතේ වැල්ල මදි, අපේ රැල්ල වදින්න
“ගිණි දැල්ල” අපි යි, දැන් රටේ රැල්ල අපි යි..
කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි..///
මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක්, මේ කොළඹ!

written by Kevin Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply