සිතුවිලි | Sithuwili by Drill Team ft. Bachi Susan, Samith Gomes

Sinhala song lyrics with music notes illustration

ඇතිවෙන සිතුවිලි පීඩාවක් වීඩාවක්
නෑ නේ දැන් සීමාවක් නිමාවක්
ඕනේ දැන් පියාපත්
කලින් වෙන්න වියපත් පියඹන්න දිශාවක්
මූනේ නෑනේ හිනාවක්
හොයා ගන්න නිවනක්
ඇඳිවත සේනාවක් පෙන්වන්නම් දිශාවක්
මැවු ලොව දෙවියන්
අරුම වරද මිනිසා මවලා නරුම
වෙලා ඔබ මිත්‍යාව මවා උනුත් විද්‍යාව
දැක මට උන්මාද හද දෙන්නේ නිම්නාද
දුක දන්නේ වින්දාම
සල්ලාල හිත ඉල්ලන්නේ මත
කාලය දැවෙන්නේ කාගෙත් දැන්
ගින්නෙන් කුස
අනිත්‍ය දෙසුමක් (සාධු)

නිත්‍යව මලගම තිබ්බකම මිනිසත්
ස්වභාවේ මුවා වී යථාර්ථය මැවීමක්
සිහින වෙද්දි නිවීම සින්න වෙද්දි තැවීම
මිල ගද්දි හැඟීම පියාන විඳීම
යාන්ත්‍රික ඉන්දීමක් ඉල්ලීම් නම්
කෝමත් දැන් මායාවක්
ධනපති ක්‍රමය නිර්ධන ශ්‍රමය
සමාජේ විශම දුවන ක්‍රමය
තරඟෙට වැඩිවෙලා ජීවන සුසුම
පුස්වේද මුසුවේද පාලන විශය
දේශය නිහඬ ඉන්නේද බියට
අල්ලලා දැම්මොතින් විලංගු ඉවද
විප්ලවේ ලැබෙන්නේ විමුක්ති ජයමයි
කාටත්ම නියත

ඇදෙනා සිතිවිලි වල චායා
නමනා තුරු දෙපයින් පාගා
මැකෙනා තුරු ඒ දෙස බලන් ඉඳලා
අමනාප වී හිත මා හා
උදුරා දැමුවා පතුලෙන් හාරා
යනවා නොපෙනී කඩදාසි ඉරලා
ආ……… නොසයන් මා
මිහිදන් වූ ලේ මේ…….. (වෙස්ට් නා)

ඇතිවෙන සිතුවිලි පීඩාවක් වීඩාවක්
හොයනවා හිත නොනවත්වම යානාවක්
යන්න මෙහෙන් මිදි හෙලවෙන්නේ නෑ කිසිවක්
හිත තාම නිදි
හිරි වැටි දනහිස් නැගිටින්න බෑ
දැන් නිදි ඇඳිරි හතලිස්
පෙනෙන්නම නෑ පැහුනු කෙස් අතර
නලියනවා දැනෙන පරණ හිස් කබල

ඔයා ක්‍රිප්ටන් යන වෙනුවට තෝරගත්තා
වටලන්න රවුම ලිප්ටන්
රොබින් හුත්තා විස්ටන් ඇල්බියන් අසිපත
බිම දමා රජවෙන්නේ ගිස්බන්
ඇතිවුන සිතුවිලි ගතවුනු
ඇසිපිය නොසලා බලා හිඳන් මට මම ඇතිවුන
හමට යටින් මම මතුවන පිල්ලයක්ම
උනා ගලන ලෙය තුල පැතිරුන
සිතුවිලි අද සීකඩ වෙනස් වෙලා කලින්
කී කල දේ මිහිමත මා බිහිකල
මිනිසුන්ගේ එපා හුළඟවත් සීතල

අලු උනා හිරු රැස් වලින් අලුයට තිබ්බ ගිනි
පුපුරන් පිටවුනාවේ ඇස් වලින්
කොළ හැලුනාවේ ගස් වලින්
සාගින්නේ පිරුණු ජීවිත
යට වුනාවේ පස් වලින්
ගොතගසන් කට්ටිය කීව වචන අකුරු කරන්
හුරු අතින් ලීව ගුලි කරන්
නිදහසේ විඳවීම උරුම මිනිසුන් හට පලක්
වෙන් නෑ ලෙය දන්දීම
යන මග අකුලන්
ඇස වසාගෙන හිස් ඔලු ළඟින් කොඳුරන්
බිලි ගන්න කලින් හතුරන්
ගනින් හුස්ම ඉඳන් උගේ ළඟින් කඹුරන්

ඇදෙනා සිතිවිලි වල චායා
නමනා තුරු දෙපයින් පාගා
මැකෙනා තුරු ඒ දෙස බලන් ඉඳලා
අමනාප වී හිත මා හා
උදුරා දැමුවා පතුලෙන් හාරා
යනවා නොපෙනී කඩදාසි ඉරලා
ආ……… නොසයන් මා
මිහිදන් වූ ලේ මේ……..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply