නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනහේ කාරණ හලලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා
මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු සුභ දසුනයි
කම්මල මැද වෙහෙසෙන විට ගතසිත
ඔබගැන මතකය මද පවනයි
බලාපොරොත්තුව කිරිවැදිලා හෙට
ගමේ කුඹුර මදහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපන දා
හිතාඉන්නෙ ඔබෙ අත ගන්නයි