in Gunadasa Kapuge

නා කොල අන්දම් | Na Kola Andam by Gunadasa Kapuge

නා කොල අන්දම් පෙන නොවටින්නේ
බෝ කොල අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමාවෙයං නයි හාමී
සමාවෙයං නයි හාමී

දරමිටි බඳිනා කඹය කියාවී
දරනුව හදලා වලඳ තියාවී
කැබිලිති අරගන ගැරඬි නටාවී
පෙනය නැතිව අපි අසරණ වේවී
පෙනේ දියං නයි හාමි

නා කොල අන්දම් පෙන නොවටින්නේ
බෝ කොල අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ

ඉහින් කනින් විස වැගිරෙන ලෝකේ
විසෙන් උඹේ පල නැති වග තේරේ
සුර්ම්‍ය වු මේ සර්ප විමානේ
හොඳින් ඉන්න අපිටත් සන්තෝසේ
පෙනේ දියං නයි හාමි

නා කොල අන්දම් පෙන නොවටින්නේ
බෝ කොල අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ

banner

Leave a Reply