කුමාරී
මේ දෙරණේ
මම රජ වේ
සොදුර මගේ
කඩුව ඇතේ
ගෙල සිදිනු තගේ
කොපුව නොවේ
ආලය කෙරැවේ මා
මරණය අබියස ඈ
එක කඩුපහරින් මා
මැරැවත් කම් නැතුවා
සොදුර මගේ
මතභවයේ
අප හමුනොවේ
සිදිනු මගේ
ගෙල ආයේ
චපල ගැහැනියක්
චපල ගැහැනි ඈ
නැත අන්සරණක්
චපල ගැහැණයික්
හද පතුලෙන් දැවිලා එන සෙනෙහෙ මට දැනුනා
මේ වනෙ වනචාරියෙක්ට
තිබුනට සැප මාලිගාවේ
මේ හිත හිස් රජුනේ
වනචාරියා උනත් වැදි රජු ලග ඇති
මනුස්ස ගතිය මගෙ හිතේ අන්තිමේ දිනුවා
මාලිගා මොකටද? සලුපිලි මොටද?
මට නැත්තන් මනමේ රජුනි හිතෙ රැකවරණා
අතිනත නොයනා රතිකතක් නොවේ මා
මාපිය සතුට හින්දයි ආවෙ මනමේ නුඹ හා
මෙලොව දිනන්නේ ආලෙද රජ බලයද
මනමේ කුමරිගෙ ඇසින් දැක්ක පොතෙගුරැ වෙමි මං
Leave a Reply