නැත අන් සරණක් | Natha An Saranak by Thilina Boralessa ft. Ravi Jay

Sinhala song lyrics with music notes illustration

කුමාරී
මේ දෙරණේ
මම රජ වේ

සොදුර මගේ
කඩුව ඇතේ
ගෙල සිදිනු තගේ
කොපුව නොවේ

ආලය කෙරැවේ මා
මරණය අබියස ඈ
එක කඩුපහරින් මා
මැරැවත් කම් නැතුවා

සොදුර මගේ
මතභවයේ
අප හමුනොවේ
සිදිනු මගේ
ගෙල ආයේ

චපල ගැහැනියක්
චපල ගැහැනි ඈ‍
නැත අන්සරණක්
චපල ගැහැණයික්

හද පතුලෙන් දැවිලා එන සෙනෙහෙ මට දැනුනා
මේ වනෙ වනචාරියෙක්ට
තිබුනට සැප මාලිගාවේ
මේ හිත හිස් රජුනේ
වනචාරියා උනත් වැදි රජු ලග ඇති
මනුස්ස ගතිය මගෙ හිතේ අන්තිමේ දිනුවා
මාලිගා මොකටද? සලුපිලි මොටද?
මට නැත්තන් මනමේ රජුනි හිතෙ රැකවරණා
අතිනත නොයනා රතිකතක් නොවේ මා
මාපිය සතුට හින්දයි ආවෙ මනමේ නුඹ හා
මෙලොව දිනන්නේ ආලෙද රජ බලයද
මනමේ කුමරිගෙ ඇසින් දැක්ක පොතෙගුරැ වෙමි මං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply