ඔබේ සෙනෙහේ | Obe Senehe by Shihan Mihiranga

ඔබේ සෙනෙහේ දැවටෙමින්
නෙතු පියා එහි රැඳවෙමින්
කඳුළු පුරනා දෙනෙතු අභියස
සොඳුරු මතකය බොඳ වුණි

අම්මේ අම්මේ
අම්මේ අම්මේ
ඇයිද මා තනිකලේ
මව්නි කිම හැර ගියේ

පායා එන සඳටත් වඩා
ඔබ මට උණුසුම වූවා

අම්මේ අම්මේ
අම්මේ අම්මේ
ඇයිද මා තනිකලේ
මව්නි කිම හැර ගියේ

නොඑන ගමන් ගොස්
ඔබ මා මේ ලොව තනිකලේ
කුරිරු ලෝකයට බිහි කළේ
කිමද මා මෙහි තනිකලේ
ආදරේ නැතිවද අම්මේ
පාලුයි දැන්
අත ඇති මල් මිට ගිලිහුණා
පිපි පැතුම් පොඩි වියැකුණා
මව්නි ඔබ මා හැර ගියා

Leave a Reply