ඔය රුව දුටු විට | Oya Ruwa Dutu Wita by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි

මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මටගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මල් වල රොන් බී වන බඹරුන් පියඹන්නේ
මල් රොන් නැති නම් ආයෙත් නෑ උන් එන්නේ
ඔය මල ළඟ ඉඳ මේ බඹරා ලත වෙන්නේ
රොන් ගන්නට නොව මල සිඹින්න සිත දෙන්නේ

මට කියාගන්න බැරි ආදරයක හිත පැටලෙයි
හිත පුරා ඇඳි සිරි බැලු බැලු තැන ඔබව පෙනෙයි
හද පතුලේ ඇති පෙම දැන් ටික ටික ලියයයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි

මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මටගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply