පැණි බිංදක් | Pani Bindak by Charitha Attalage ft. Hashani

ආදරයේ පැණි බිංදක්
නුබේ දෙතොලේ තිය යන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යලි එන්නම්

පැණි බිදු හා දැවටෙන්නම්
නුඹේ සුවදේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්

හදවත ස්නේහ වෑහෙනා
පැණිබිදු නුඹටමැයි කියා
රවටනු සේම නුඹව සිපගන්නම්

පැණි බිදු හාදු තවරනා
වෙනසක හේතු තේරුනා
නොදැනුනු සේම නුඹව සිපගන්නම්

නුඹ කලුවරට බය හැගෙයි
අද රෑ තනි රකිනු සිතෙයි
අලුයම සීතලේම ගුලි වෙන්නම්

මම කලුවරට බය නොවෙයි
එනමුදු තනිකමක් දැනෙයි
අලුයම සීතලේම සමුදෙන්නම්

නන්නාදුනන එලි දිලෙයි
කුණාටුවක්ද මට බයයි
නුඹ අසලින්ම සොදුර මම ඉන්නම්

දෑසට දෑස දුර හැගෙයි
නුඹ අන්සතුමදැයි දැනෙයි
නොදැනුන සේම සොදුර මම ඉන්නම්

නෙක මල් උයන් හමුවනා
නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා
අගවනු සේම නුඹව සිපගන්නම්

මා හැම රැයක පෑරුණා
දැන දැන හේතු කාරණා
නොදැනුනු සේම නුඹව සිපගන්නම්

ආදරයේ පැණි බිංදක්
නුබේ දෙතොලේ තිය යන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යලි එන්නම්

පැණි බිදු හා දැවටෙන්නම්
නුඹේ සුවදේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්

written by Kasun Edirisinghe

Leave a Reply