වැහි රෑක | Wahi Raaka by Chamara Nirmal [2022]

ආල තාල නෑසුනා නොවේ
රතු රෝස හීන හීනමත් නොවේ
ගොළු වී සිනාසුනාට ඒ වෙලේ
සසැලේ නොකීව කාරණා හිතේ

වැහි රෑක සීත ආ දා
ගිම්හානයේ පවා මා
ගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේ
ක්ෂිතිජේ ඉමේ බලා මා
රළ සේ රැයේ බිඳීලා
ගැයුවේ සෙමින් සිනාසී මේ ස්වරේ

සඳ දුර හීන හැම බොඳවීද අත නෑ අත හැරුණේ
දෙතොලග පාට රස නොදැනීද නෑ මා පසුතැවුණේ
සිතිවිලි සේම ඇදහිලි ප්‍රේම තුන්යම නිදි වැරුවේ
ඇය යළි නේන මට නතු නූන නිමිතයි වැහි මතුලේ

වැහි රෑක සීත ආ දා
ගිම්හානයේ පවා මා
ගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේ
ක්ෂිතිජේ ඉමේ බලා මා
රළ සේ රැයේ බිඳීලා
ගැයුවේ සෙමින් සිනාසී මේ ස්වරේ

Written by Yashodha Adhikari

Leave a Reply

Your email address will not be published. Required fields are marked *